ශ්‍රී ආනන්ද මහා සෑය

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඉදිවෙමින් පවතින

ශ්‍රී ආනන්ද මහා සෑය

මෙම උතුම් සෑරජාණන් වහන්සේගේ සතරැස් කොටුව තුළ මේ වන විටත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩහිඳින සේක.

මේ බුදු සසුනෙහි අග තනතුරු පහකට උරුමකම් කියූ ආනන්ද මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා උතුම් සෑ ගර්භයෙහි නිධන්ගත කිරීමට නියමිතව තිබේ.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසනා සහ මගපෙන්වීම අනුව සිදුවන, සත්‍ය වශයෙන් ම පිදීමට සුදුසු උතුමන් පිදීමේ මේ අති දුර්ලභ මහානීය පින්කමට ශක්ති පමණින් දායක වී ඔබත් මෙහි කොටස්කරුවෙකු වන්න.

පූජාරහේ පූජයතෝ බුද්ධේ යදි ව සාවකේ පපඤ්චසමතික්කන්තේ තිණ්ණසෝකපරිද්දවේ තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝභයේ න සක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තමපි කේනචි

කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම් වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයින්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් දන් පැන් පුදනවා නම්, කිසි ලෙසකිනුත් බිය - තැතිගැනීම් නැති, නිවුණු සිත් ඇති, එබඳු උතුමන්ට පූජා - සත්කාර කරන කෙනාගේ ඒ පින් මෙච්චරයි කියලා, මැනලා කියන්ට කාටවත් පුළුවන්කමක් නෑ.

ධම්මපදය - බුද්ධ වර්ගය

පින්කම්

වැඩසටහන්

පෝය වැඩසටහන

සෑම පුන් පොහෝ දිනකම

උදේ 6.00 සිට සවස 6.00 දක්වා

යොවුන් වැඩසටහන

සෑම මසකම දෙවන සතියේ ඉරිදා

උදේ 8.00 සිට දවල් 12.00 දක්වා

පොත

සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

සම්බන්ධ වන්න

ශ්‍රී ආනන්ද මහා සෑ විහාරය මහමෙව්නාව භාවනා අසපුව, ඉහළගම, නෑගම්පහ, ගල්නෑව.